වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් පසු ප්‍රාන්ත ප්‍රවාහන සේවා වෙනස් වන්නේ මෙහෙමයි!

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය මේ නොවැම්බර් 24 වන දින පැවැත්වීමට නියමිත අතර එය ඉලක්ක කර පසුගිය සති අන්තයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර දියත් කළේය. එහිදී ඒ සෑම පක්ෂයකම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවාවන් වැඩි දියුණු කිරීමය.

ප්‍රධාන දේශපාලන පක්ෂ ද්විත්වය වන කම්කරු සහ ලිබරල් පක්ෂ වික්ටෝරියානු ප්‍රාන්තයේ අනාගත ප්‍රවාහන සේවාවන් සංවර්ධනය කරන්නේ කෙසේදැයි් The Age පුවත් පත වාර්තා කර තිබුණේ පහත අයුරිනි.

කම්කරු පක්ෂය

  • වසර 2022 වන විට West Gate උමග ඉදිකර අවසන් කිරීම.
  • West Gate Freeway මාර්ගයට අමතර මංතීරු 4ක් එක් කිරීම.
  • Southern Cross  දුම්රිය ස්ථානයේ සිට ඩොලර් 20 ක් වැනි මුදලකට මිනිත්තු 20 ක් වැනි කාලයක් ඇතුළත මෙල්බර්න් ගුවන් තොටුපොළට දුම්රියෙන්ම ගමන් කළ හැකිවීම.
  • මෙල්බර්න් ගුවන් තොටුපොළට ඉදි කෙරෙන නව දුම්රිය මාර්ගය හේතුවෙන් Tullamarine Freeway මාර්ගයේ තදබදය සැලකිය යුතු ලෙස අඩු වීම.
  • වසර 2027 දී මෙල්බර්න් කලාපයේ විශාලතම toll මාර්ගය වන North East Link විවෘත කිරීම.
  • මෙල්බර්න් කලාපයේ උප නගර බහුතරයක් යා කරමින් Suburban Rail Loop දුම්රිය මාර්ගය ඉදි කිරීම

Suburban Rail loop

  • බටහිර දුම්රිය මාර්ග සැලැස්ම යටතේ වසර 2032 වන විට Geelong වෙත ධාවනය වන දුම්රිය ගමන මිනිත්තු 35 ක් වේ.
  • බටහිර දුම්රිය මාර්ග සැලැස්ම යටතේ වසර 2032 වන විට Ballarat වෙත ධාවනය වන දුම්රිය ගමන පැයකට අඩු කාලයක් ගනියි.
  • විදුලියෙන් ක්‍රියා කරන දුම්රිය මාර්ග සහ ඩීසල් දුම්රිය මාර්ග වෙන් කිරීම හේතුවෙන් Melton සහ Wyndham Vale වෙත දැනට වඩා වේගයෙන් ගමන් කළ හැකිවීම.

ලිබරල් පක්ෂය

  • වසර 2025 වන විට ප්‍රධාන මංසන්ධි 35 ක් ඉවත් කිරීමෙන් Springvale Road, Nepean Highway, Ferntree Gully Road, Princes Highway සහ Ballarat Road යන මාර්ග වල තදබදය අඩු කිරීම.
  • Geelong වෙත යන දුම්රිය ගමන මිනිත්තු 58 කින් අඩුවී මිනිත්තු 32ක් දක්වා පහත බැසීම.
  • Ballarat, Bendigo, Shepparton සහ Ararat යන වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගර වෙත යන දුම්රිය ගමන මිනිත්තු 20 කින් අඩුවීම.
  • Sunshine හරහා මෙල්බර්න් ගුවන් තොටුපොල වෙත දුම්රිය මාර්ගයක් ඉදිකිරීම.
  • Cranbourne දුම්රිය මාර්ගය Cranbourne East සහ Clyde දක්වා දීර්ග කිරීම.
  • වසර 2027 වන විට නැගෙනහිර හා බටහිර මෙල්බර්න් කලාප යා කරන East West Link ඉදි කර අවසන් කිරීම.

මූලාශ්‍රය – SBS වෙබ් අඩවිය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435