විගමණික පවුල් 4592ක් සඳහා රුපියල් ලක්‍ෂ 844 ක ශිෂ්‍යත්ව

ශිෂ්‍යත්ව නොලබන අය වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩසටහන්

2015 වසර සඳහා විගමණික පවුල්වල දරුවන් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් ලක්‍ෂ 844 ශිෂ්‍යත්ව ලබාදී තිබේ. මෙම ශිෂ්‍යත්ව ලබා දෙන්නේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් සඳහා රු. 15,000 ක්ද,  සාමාන්‍යපෙළ විභාගය සමත් දරුවන් වෙනුවෙන් රු. 20,000 ශිෂ්‍යත්වද, විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් වෙනුවෙන් රු. 30,000 ශිෂ්‍යත්වද වශයෙනි.

මෙම ශිෂ්‍යත්ව ලබාගැනීමට මෙම දරුවන්ගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතවිය යුතුය.  ඒ අනුව 2015 වර්ෂය සඳහා 4592 දෙනෙකුට මේ වන විට ශිෂ්‍යත්ව ලබාදී තිබේ.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමස්ත දිවයිනම ආවරණය කරමින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් 2015 වර්ෂයේදී කි‍්‍රයාත්මක කරන ලදී. මෙම ශිෂ්‍යත්ව හරහා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලැබෙන අතර, ඒ අනුව, ඒ අයගේ ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමට හැකිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියාය.

අමාත්‍යතුමිය මෙම වැඩසටහනට අමතරව විගමණික පවුල්වල ශිෂ්‍යත්ව නොලබන විගමණික පවුල්වල දුදරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන්, ඉදිරියේදී ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ආරම්භ කරන බවද සඳහන් කර සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435