විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 110 කට ශිෂ්‍යත්ව

ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන්  110 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 7,750,000.00  ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

ඌව පළාතේ බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් සදහා ශිෂ්‍යත්ව පිරිනැමීම 2019 ජනවාරි මස 05 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.  මෙහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 24 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 74 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 12 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

බදුල්ල දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 11, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 40 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 5 දෙනෙකු සදහා රු.1,395,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදෙන ලදී.

මොණරාගල දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 03, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 11 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 1 දෙනෙකු සදහා රු.370,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනමා තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 10, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 23 සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 6 දෙනෙකු සදහා රු. 985,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ලබාදෙන ලදී.

කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් සභා මන්ත්‍රිවරුන් වන උපාලි සමරවීර,  ර.මු. රත්නායක, ජයන්ත කන්නන්ගර ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිළධාරීන්ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ඒ.එස්.එම්.මිස්බා, සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී.වන්සේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, ඌව පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි එස්.ගාල්ලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිතය.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435