විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන කාර්යාංශය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, 2019 වර්ෂය සඳහා සංවිධානය කරනු ලබන දකුණු පළාත් වැලිගම නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මෙහිදී ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දරුවන් 419 දෙනෙකු සඳහා රු.10,440,000.00 ක මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 109 දෙනෙකු සඳහා රු.20,000 බැගින් රු 2,180,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 259 දෙනෙකු සඳහා රු.25,000 බැගින් රු 6,475,000.00 ක්ද, උසස් අධ්‍යාපනය හදාරන දරුවන් 51 දෙනෙකු සඳහා රු.35,000 බැගින් රු.1,785,000.00 ක්ද මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.

2019 වර්ෂය සඳහා දිවයින පුරා සිටින විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 2755 දෙනෙකු වෙනුවෙන් රු.6,876,000.00 ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කාර්යාංශය කටයුතු කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435