ගුරු සේවය සඳහා සුදුසුකම් ලැබු නවකයින් රැසකට පත්වීම්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2015/2017 සහ 2014/2016  යන අධ්‍යයන වර්ෂයන්හි ජාතික ශික්ෂණ විද්‍යා පුහුණුව සාර්ථක ව සම්පූර්ණ කළ ඩිප්ලෝමාධාරීන් 155 දෙනෙකු වෙත  ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(ආ) ශ්‍රේණිය සඳහා ගුරු පත්වීම් ලබාදීම අද(14) අධ්‍යාපන ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මේ යටතේ සිංහල මාධ්‍ය ඩිප්ලෝමාධාරීන් 79ක්, දෙමළ මාධ්‍ය 28ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය  48ක් වෙත ගුරු පත්වීම් ලබා දෙන ලද අතර, ප්‍රාථමික අධ්‍යාපනය, විද්‍යාව, ගණිතය, මවුබස, දෙවැනි බස, ඉංග්‍රීසි, සමාජ විද්‍යාව, බුද්ධාගම, ශාරීරික අධ්‍යාපනය, වානිජ්‍යය, සංගීතය (කර්ණාටක), චිත්‍ර, නැටුම්, නාට්‍යකරණය හා රංගකලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂි හා ආහාර තාක්ෂණය, සැලසුම්කරණය හා තාක්ෂණවේදය, කලාව හා අත්කම්, ගෘහ විද්‍යාව, විශේෂ අධ්‍යාපනය, ශිල්ප කලා, නිර්මාණකරණය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණවේදය යන  විෂයයන් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් මේ දක්වා ගුරු පද්ධතියට එක්කරගෙන ඇති ගුරුවරුන් සංඛ්‍යාව මේ වනවිට 130,603කට අධික වන අතර, එය මෙරට සමස්ත ගුරු සංඛ්‍යාවෙන් 52.91%ක ප්‍රතිශතයකි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435