විදුලිබල සේවකයෝ වර්ජනයක රතු එළි දල්වති

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අයත් සේවකයන් 06 දෙනෙකු වැඩ තහනමට ලක් කිරීම කෙරෙහි විරෝධය දක්වා අද දිනයේ කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන කටයුතු කර තිබේ.

ඒ අනුව අද දිනයේ දිවයින පුරා පිහිටි විදුලිබල මණ්ඩල කාර්යාල තුළ මෙලෙස කළු කොඩි ඔසවන බවයි විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම එළැඹෙන මාර්තු මස 14 වෙනි දින සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435