විදුලි බල මණ්ඩලය වර්ජනයකට සැරසෙයි

වව්නියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට නොගන්නේ නම් අද මධ්‍යහ්න 12න් පසුව දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශීල්පීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති කෝසල අබේසිංහ මහතා කියා සිටියේ  පසුගිය 04 වන දින සිදු වූ අදාළ පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

විදුලිය විසන්ධි කිරීමකට යාමේදී වව්නියාව විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් කිහිප දෙනෙකුට පසුගිය 04 වන දින පහරදීමක් සිදුකර තිබුණි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරිමට ඔවුන් අපොහොසත් වී ඇති බව කෝසල අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435