විදුහල්පතිවරු යළිත් වර්ජනයකට අර අඳියි

මෙවර අයවැය මගින් ගුරු හා විදුහල්පති සේවාවල පවතින ගැටලූ විසඳීමට රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සියලූම වෘත්තීය සමිති එකාබද්ධ කරගනිමින් ලබන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින්  වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ලංකාදිපයට පැවැසීය.

ගුරු හා විදුහල්පති සේවාවන්ට රාජ්‍ය සේවය තුළ පවතින බරපතල වැටුප් විෂමතාව විසදීම, අහිමිකළ මාස 30 ක හි`ග වැටුප හා අහිමිකළ විශ‍්‍රාම වැටුප නැවත ලබාදීමත්, අධ්‍යාපනයට දල දේශීය නශ්පාදිතයෙන් 6% වෙන්කිරීමත්, ඇතුළු ගැටළු සම්බන්ධව රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

එමෙන්ම 2016.01.01 දින සිට රාජ්‍ය සේවයේ පත්වීම් ලබන්නන්ට අහිමිකළ විශ‍්‍රාම වැටුප මෙවර ද ලබාදීමට කටයුතු කර නොමැති බවත් මේ මගින් රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාම දිවිය සම්පුර්ණයෙන් අනාරක්‍ෂිත කර සමස්ථ රාජ්‍ය සේවය ගුණාත්මකව පිරිහිමට ඉඩහැර ඇති බවද ජයසිංහ මහතා පැවැසීය.

මෙවර අයවැය මගින් ප‍්‍රමාද වී හෝ මෙම ගැටළු විසඳීම සඳහා ප‍්‍රතිපාදන වෙන් කිරීමට වහා පියවර ගන්නා ලෙස බලකර සිටින බවද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

මූලාශ්‍රය- ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435