විදෙස්ගතව අතුරුදහන්වු මේ ලාංකිකයින් ගැන ඔබ යමක් දන්නවාද?

කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇති ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු පහත පරිදි වේ.

නම විදේශ ගතවූ

 දිනය

ලිපිනය
01 ඩබ්.ඒ.කේ.ශිරෝමි මිය 2011.11.23 කන්දඋඩ ගෙදර, බටගොඩ, කදුරුවාන, පිටබැද්දර
02 මේරි සන්ධ්‍යා ෆ්ලෝරන්ස්  තයිල් මිය 2012.05.22 අංක 31/A, මාකට් පාර, හම්බන්තොට
03 එච්.එම්. දිස්නා කාන්ති කුමාරි මිය 2011.03.11 රබර්වත්ත, යටත්තාවල, යක්විල, කුරුණෑගල
04 වයි.පී.රංසිමාලා මිය 2012.12.14 427/A, ඇතාවැටුණු වැව, වැලිඔය

මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0114380954/ 0112878244 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435