විදෙස්ගතව මියගිය ශ්‍රමිකයින්ගේ පවුල් සදහා වන්දි ප්‍රදානය කෙරේ

විදෙස්ගතව සේවයේ නියුතු ශ්‍රමිකරින් අතරින් මැදපෙරදිග රටවලද විශාල ප්‍රමාණයක් සේවයේ යෙදී සිටියි. එලෙස සේවයේ යෙදී සිටියදී සිදුවූ අනතුරු නිසා මියගිය ශ්‍රමිකයින් උදෙසා මෙම වසරේ පස්වෙනි වරටත් විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් වන්දි ප්‍රදානය කිරීම පසුගිය 20 වෙනිදා මහතාගේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ සිදු කරන ලදී.

මෙහිදී මැද පෙරදිග රටවල සේවය කරමින් සිටියදී මියගිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 39 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත රුපියල් ලක්ෂ 720 ක මුදලක් වන්දි වශයෙන් ප‍්‍රදානය කොට තිබේ.

මෙම වන්දි මුදල් සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමානය, ලෙබනනය, ජෝර්දානය යන රටවල සේවය කරමින් සිටිය දී මියගිය ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ ආබාධිත තත්ත්වයට පත් ශ්‍රමිකයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ප්‍රදානය කළ බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා පහක දී විදේශයන්හි සේවය කරමින් සිටින අතරතුර මියගිය 196 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3,450ක මුදලක් පිරිනමා තිබේ. එසේම ගෙවුණු වසර පහක කාලය තුළ වන්දි වශයෙන් පිරිනමන ලද ඉහළම මුදල මෙවර ප‍්‍රදානය කර තිබෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435