විදෙස්ගතව සිටින ලාංකිකයින් තවදුරටත් ගෙන්වා ගන්නා බවට නිවේදනයක්

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

“ සමාජය තුළ විවිධ ප්‍රදේශවල විවිධ තැන්වල සමහරු මේ වන විට මුඛ ආවරණය පැළඳගෙන නොයෙන ආකාරයක් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නැහැ කියන උපකල්පනය කරලා මං හිතන්නේ.

කොවිඩ් ආසාදිතයින් සාමාජය තුළ නැති වුණත් රෝහල් ගතව සිටින බැවින් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ දී කොවිඩ් ආසාදිතයින් පැමිණෙන නිසා, සමාජයේ සෑම පුද්ගලයෙකුගේ ම වගකීමක් වෙනවා තමන් කොවිඩ් රෝගියෙකු නොවීමට රැකබලා ගැනීම.

ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන්න කියලා. “ යනුවෙන් මෙහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435