විදෙස්ගතව සේවය කළ ලාංකිකයින් 23ක් කොරෝනා නිසා මරුට

විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය, ඕමානය යන රටවල සේවය කළ ලාංකික ශ්‍රමිකයින් 23 දෙනෙකු බවයි.

මෙම ශ්‍රමිකයින් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මියගොස් තිබෙන අතර ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්‍ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාල හා එක්ව කටයුතු කරගෙන යන බව ද හෙතෙම ප්‍රකාශ කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435