විදෙස්ගත ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක්!

විදේශ රැකියා හි නිරත ශ්‍රී ලාංකිකයින් හා සම්බන්ධව තොරතුරු සහිත ගැටළු ,ප්‍රශ්න, දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්‍යතා පිලිබදව දකින, රූප, සහ ජායාරුප හෝ වීඩියෝ / හඩපට හෝ පිලිබදව පහත තොරතුරු තිබේ නම් පමණක් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

අදාල ශ්‍රී ලාංකිකයාගේ :.
• ගමන් බලපත් අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය
• භාවිතා කරන දුරකථන අංකය
• ශ්‍රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකය
හෝ
මුහුණු-පොතට යොමුකල අයගේ නිවැරදි අන්‍යතාවය තහහුරු කිරීම් විස්තර සටහන් කර තිබීම හෝ එහි නිවැරදිතාවය සනාථ කර ගැනීම

හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,

විදේශ රැකියාවක යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් 24පැය පුරාම මෙම විශේෂ විගමණික සම්පත් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරයි.

එසේම, විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වීම සදහා ගමන් බලපත් අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය අවශ්‍ය වේ.

එමෙන්ම අදාල ශ්‍රී ලාංකිකයා භාවිතා කරන දුරකථන අංකයක් සහා හෝ ශ්‍රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකයක් තිබිමෙන් කඩිනමින් මෙම විශේෂ විගමණික සම්පත් මධ්‍යස්ථානය මැදිහත් වීමට / ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාල නිලධාරීන් වෙතට දැන්වීමට,

අදාල ශ්‍රී ලාංකිකයාගේ පහත විස්තර ලබාදෙන ඉල්ලා සිටිමි.
• ගමන් බලපත් අංකය හෝ ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය
• භාවිතා කරන දුරකථන අංකය
• ශ්‍රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකය

නැතහොත් මෙම පැමිණිලි පත සම්පුර්ණ කර
24 පැය විශේෂ විගමණික සම්පත් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස හෝ යොමු කිරීමට අදාල ශ්‍රී ලාංකිකයාව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

අපගේ දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
infor_center@slbfe.lk
info@slbfe.lk
ස්කයිප් : inforcenter_slbfe

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435