විදෙස්ගත ලාංකිකයින් 12,000කට රැකියා අහිමිවෙයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස්ගත රැකියා සඳහා ගිය ලාංකිකයින් 12,000කට ආසන්න ප්‍රමාණයකගේ රැකියා මේවනවිට අහිමිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශකර තිබේ.

ඊට අමතරව සේවා ගිවිසුම් කාලය අවසන්වූ ලාංකික ශ්‍රමිකයින් 30,000කට අධික ප්‍රමාණයක් ඒ ඒ රටවල රැඳී සිටින බවයි කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඩුබායිහි අසරණවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම් සිදුකරන බවත් ඔවුන්ගෙන් පිරිසක් හෙට දිනයේ (31) හා අගොස්තු 01 වෙනි දින මෙරටට ගෙන්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජෝර්දානයේ රැකියා අහිමිව අසරණ වී සිටින ලාංකිකයින් සම්බන්ධයෙන්ද ඒ මහතා තොරතුරු අනාවරණය කළ අතර එරට පොලීසිය විසින් සිදුකළ පහරදීම සම්බන්ධ සිදුවීමේ නවතම තත්වය ගැන නිරන්තරයෙන් අවදානය යොමුකරන අතර එරට ලක් තානාපති කාර්යාලය හරහා තොරතුරු සොයා බැලීම සිදුකර බවත් සඳහ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435