විදෙස්ගත ලාංකිකයින් ගැන අගමැතිගෙන් විශේෂ සඳහනක් – පිටරට ඉන්න ඔබට වැදගත්

කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවයන්ට මුහුණ දී සිටින විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙන බවත්, ආත්‍යන්තර නිසි ක්‍රමවේදයකට අනුකූලව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව ලද විගස ඒ සඳහා නිසි ක්‍රමවේදයක් ක්‍රයාත්මක කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඉතාලියට අයත් MSC – මැග්නිෆිකා මඟී නෞකාවේ සූපවේදියෙකු ලෙස සේවය කළ අනුර බණ්ඩාර නැමති ලාංකික තරුණයා පසුගියදා අන්තර්ජාලය ඔස්සේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව නිසි ක්‍රමවේදයක් හරහා ඔහු එම නෞකාවෙන් ගොඩබස්සවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළ බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම දැන්ට පවතින තත්ත්වය හමුවේ විදේශගතව සිටින ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින් ජාත්‍යන්තර ක්‍රමවේදයන් යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේදී විදේශගතව සිටින සියලුම ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් වගකිවයුතු රජයක් ලෙස කිසිඳු ලාංකිකයෙකු මේ අවස්ථාවේ තනි නොකරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435