විදෙස්ගත ශ්‍රමිකයින්ට රජයෙන් සුබ ආරංචියක්

නව රජයේ ස්ථාවර රටක් ගොඩනැගීමේ ප්‍රතිපත්ති මාළාවේ විගමණික ශ්‍රමිකයින්ගේ සුබ සිද්ධිය උදෙසා යෝජනා කිහිපයක්ම අන්තර්ගතව පවතින අතරම එහි සාර්ථක ක්‍රියාමාර්ගයක් ලෙස 2016 වර්ෂයේ සිට ආරම්භවූ පසුගියදා පැවති ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය වැඩසටහන පෙන්වා දිය හැකිය.

එම වැඩසටහනට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරන ලද්දේ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ලබා දුන් පොරොන්දු මේවන විට එකින් එක සාර්ථකව ඉටුකිරීමේ හැකියාව ලැබී ඇති බවයි.

මෙම නව රජයේ ස්ථාවර රටක් ගොඩනැගීමේ ප්‍රතිපත්ති මාළාවේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සුරක්ෂිතතාවය ඇති කිරීම, විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම, විගමණික ශ්‍රමිකයින්ගේ අනේවාසික ගිණුම්වලට 2.5%ක පොළියක් එකතු කිරීම යන යෝජනා අන්තර්ගත විය.

2016 වර්ෂයේ ඇතිකළ ශ්‍රමික සුරැකුම් වැඩසටහන යටතේ විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතතාවය වඩාත් තහවුරු කර ඇති අතර ඒ වෙනුවෙන් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සංවර්ධන නිලධාරීන් යොදවා ඇති බව එතුමිය පෙන්වා දේ.

එමෙන්ම මේ වසර ඇතුළත විදෙස්ගත ශ්‍රමිකයින් උදෙසා ලබා දීමට පොරොන්දු වූ විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශකරන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (7)

  1. FRED says:

    අපිට තීරුබදු නිදහස් වාහනයක් ලබා ගැනීමට කටයුතු කර දෙන්න.

    (1)(0)



    0



    0
  2. ගරු අමාත්‍යතුමියනි , මෙහි සදහන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය මුලින් පැවසුනේ මෙම වසරේ පළමු තුන්මස තුල ක්‍රියාත්මකවන බවය .නමුත් මෙහි සදහන් වන්නේ මෙම වසර තුල ක්‍රියාත්මක වන බවය.මෙය ක්‍රියාවට ගෙන ඒම සරල කරුණක් නොවන බව සැබෑය. පැවසු පරිදි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු දැකීම අපේ පැතුමය.

    (6)(0)



    0



    0
  3. saman says:

    ගරු ඇමති තුමියනි ඔබව සම්භන්ද කරගැනීම සඳහා අපහට ඔබතුමියගේ දුරකථන අංකයක් ලබා දෙන්නේනම් මැනවි sthuthi

    (5)(0)



    0



    0
  4. saman says:

    සමාවෙන්න ඉහත ලිපියේ පහතින් ම අදහස් කල අදහස් පොඩි අපැහැදිලි තාවයක් පැහැදිලි කිරීම සඳහා නැවත ලියමි එහි ම සඳහන් කිරීමට යෙදුනේ අපගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් යම්කිසි සොයා බැලීමක් රජය විසින් සොයා බල කටයුතු කරනවානම් ඉතා අගය කොට සලකමි යන්නය ඔබගේ සම ක්‍රියා මාර්ගයක්ම අපි ඉතා අගය කොට සලකමි

    (1)(0)



    0



    0
  5. vides gatha says:

    ස්තුති ඇමති තුමිය ..ඔබට අපගේ හදපිරි ප්‍රණාමය පුදකරමු තවත් වැදගත් දෙයක් ඔබතුමියගෙන් මට දැනගැනීමට අවස්යය් මම වැඩකරන්නේ ඉතාලියේඅඩුම තරමේ අපිට මොනවද ලැබෙන ප්‍රතිලාබ අපගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා අපට බදු රහිතව වහනයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබාදේවි කියල ඔබ තුමියගේ අදහස මොකක්ද මේ පිළිබඳව අනිත් කරණය අපටත් මොනයම් ක්‍රමයකට හෝ විශ්‍රාම වැටුපක් ලබාගැනීමට සලස්වා දෙන්න මොකද ඉතාලියේ වැඩකරන ය අතරත් ජීවිතයේ අවසාන කාලයට ගැනීම සඳහා කිසිවක් ඉතිරි කල නැති පිරිස් බොහොම ඉන්නවා එකට හේතුව හැමෝටම එක වගේ රැකියා නැති කමය ලංකාවට පැමිණ සුළු පරිමාණයෙන් හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට අඩු පොලියට බැංකු නය මුදලක් ලබාගැනීමට සලස්වාන්නේනම් වඩාත් යහපත් ඒ වගේම ගේ ආපන කටයුතුවෙනුවෙන් සොයා බැලීමක් ඔබට නැවතත්ස්තුති

    (2)(1)



    0



    0
  6. Author says:

    Wenawanam hoday eta issara Rata gihin prasna walata madivi inna ayage baarakarayin kala paminili visadanna

    (1)(0)



    0



    0
  7. NIWASA says:

    සුබ දවසක් ,ඔබ තුමිය ගේ අදහස් ගොඩක් වටිනවා ,පුලුවන්නම් පිටරට ඉන්න අපිට සාදාරන මුදලකට ඉඩමක් ගන්න පිළිවලක් කරන්න .අපේ ගොඩක් අය‍ට ඉඩමක් ගන්න එක හරිම අමාරුඉ .ලංකාවේ බැංකු වලින් අපේ මුදල්ල් තැන්පත් ගතට අපිට උදාවක් නැහැ ,ඉන්දියාවේ බෑන්ක් වලින් මැදපෙරදිග ඉන්න අය‍ට ඉතාම ලාබෙට නිවාස හදල මාසිකව ගෙවන විදියට දෙනවා .ඉන්දියන් මිනුසුන් සතුටෙන් ඉන්නවා තමාගේ ගෙදර යන්න .නමුත් අපට එහෙම නැහැ .අපියවන මුදල නිකම්ම වියදම් වෙනවා ,ඔබ තුමිය ට ගොඩක් පින් මේ විදියට වැඩ පිළිවලක් හදන්න .ගොඩ දෙනුකගේ උවමනාවක් මේක .
    ප්‍රේමසිරි w ,ෆුජෙර්හ uae ,

    (5)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435