විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම ගැන අළුත්ම පණිවිඩය මෙන්න

තාවකාලිකව නවතා තිබූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ලබන 31 වනදා සිට යළි ආරම්භ කරන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඩ් රෝගීන් හඳුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් පසුගිය මස 15 වනදා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත්, වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම කටයුතු යළි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

මේ අතර, කටාර් රාජ්‍යයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඊයේ (29) අලුයම දිවයිනට පැමිණියහ.

කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 668 දරණ ගුවන් යානයෙන් ශ්‍රීලාංකිකයින් 29දෙනෙකු ඊයේ අලුයම මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ බව වාර්තාකරු පවසයි.

මීට අමතරව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ද ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට  පසුගිය 28 වෙනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435