විදෙස් රටවල ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට සුභ ආරංචියක්

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව  පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන  සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ  හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ උත්සවය අමතමිනි .

විභාග දෙපාර්තමේන්තුව ඉතා විශ්වසනීය ස්ථානයක් විය යුතු බවත් ඒ සඳහා බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා විවිධ පෞද්ගලික මැදිහත්වීම් හැකිතරම් අවම විය යුතු අතර ඒ වෙනුවෙන් විධිමත් ක්‍රමවේද ඇති කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නා .

ප්‍රශ්ණපත්‍ර සකස්  කරන විද්වතුන් වෘත්තීය හා සාරධර්ම ආරක්ෂා කරන පිරිසක් විය යුතු බවත් විභාගයක් යනු අධ්‍යාපනයේ කිසියම් කඩඉමක් වන බවත් හෙතෙම පැවසුවා . ගොවි,කම්කරු හා සමාජයේ ඉහලම තරාතිරමේ  සෑම පුද්ගලයෙක්ම  ජීවිතයේ යම් අවස්ථාවල විභාගවලට මුහුණදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා විභාග ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් සෑම දෙනකුටම ඉදිරියට පැමිණිය හැකි බවද   අධ්‍යාපනය ටියුෂන් පන්ති මත තීරණය කිරීමට සිදුවී තිබීම ගැනත් පියවර ගත යුතුව ඇති  බවද අවධාරණය කළා .

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකට ඔවුන් පදිංචි රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාර්ගයෙන් පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන බවද  එහිදී සඳහන් කළා .

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435