විදෙස් රැකියා කර පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට සහනයක්

විදේශ රැකියා සදහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සදහා මෙරට පාසැල්වල හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.

මෙම ශ්‍රමිකයින් එරටදී සේවය කරන අතරතුර ඔවුන්ගේ දරුවන්ද එම රටවලදී අධ්‍යාපනය ලබන අතර, රැකියාව අවසන්වී මෙරටට පැමිණි පසු මෙරට රජයේ පාසැල් හා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එම දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවේ.

එහෙයින් මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටියි.

ඒ අනුව  රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිතය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    ගොඩාක් පින්. මේ ගැන මාත් සෑහෙන්න කල්පනා කලා.අපේ පිටරටවල් වලින් අවසන් කර එන දු දරුවන් ගැන හිතපු එක.දක්ෂතා වයට මුල් තැන දීම ඉතා වටිනා ගුණයක්.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435