විදෙස් ශ්‍රමිකයින්ගේ ගැටළු වලට නීති ආධාර සපයන කොරියාවේ නීතිඥවරිය

කොරියාවේ නීතිඥවරියක් වන ‘ජින් හයි යන්’, විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටළු වලදී නීති උපදෙස් ලබා දීම සිය රාජකාරි කටයුතු අතර, ඉතා ඉහළ තෘප්තියකින් ඉටු කරන කාර්යයක් බව කියා සිටි. ඇය මේ බව කියා සිටියේ, The Korean Times පුවත් පත සමඟ සාකච්ඡාවකට එළඹෙමිනි.

2009 වසරේ සිට ඇය කොරියාවේ වාසය කරන විදේශිකයන් වැඩි වශයෙන් මුහුණ  දෙන නෛතිකමය ගැටළු වලට අවශ්‍ය නීතිමය උපදේශන සේවා සපයන්නිය. එනම්, විදෙස් කාන්තාවන්ට අදාළ  දික්කසාද නඩු සහ කර්මාන්ත ශාලාවන්හි සේවය කරන විදෙස් සංක්‍රමණික සේවකයින්ට බලපාන වැටුප් ආපසු ලබා ගැනීම් සම්බන්ධ කාරණාවන්ය.

කොරියානු නීති ආධාර සංස්ථාවේ හා සියොල්හි  ගෝලීය මධ්‍යස්ථානයේ ස්වෙච්ඡාවෙන් සේවය කරමින් එවැනි බොහෝ අවස්ථාවන්හිදී නීතිමය උපදේශන සේවා සපයා ඇති බව ඇය සඳහන් කරන්නීය. 

“මාසික පඩි පත නිසි වෙලාවට ලැබෙන්නේ නැත්තනම්, ඔවුන්ගේ ජිවිත ක්ෂණිකව විනාශ වෙලා යනවා. මේ තත්වය විදෙස් අනියම් සේවකයින්ට ඉතා තදින් බලපානවා. ඔවුන්ට උදව් කරන්න මං ඉතාම මහන්සි වෙන්නේ ඒ නිසයි”. සංක්‍රමණික සේවකයන්ට උපදේශන සේවා සැපයීමට පෙළඹීමට හේතුවූ කරුණු ඇය විස්තර කරන්නේ එලෙසිනි.

පසුගිය වසරේදී අවුරුදු එකකට වඩා වැඩි කාලයක් තිස්සේ වැටුප් නොලද දකුණු ආසියාතික කම්කරුවන් තිදෙනෙකු වෙනුවෙන්, අදාළ සමාගමට එරෙහිව නඩු පවරා, සේවකයින්ට ගෙවිය යුතු මුදල් යළි ලබා දීමට සමත් වූ බවද ඇය සඳහන් කරන්නීය.

තමන් ඉතා ඉහළ තෘප්තියකින් මෙම ස්වේච්ඡා සේවාවේ නිරත වන බව ජින් හයි යන් කියා සිටි.

1345 දුරකථන අංකය ඇමතීමෙන් ඔවුන්ගේ ස්වේච්ඡා නීති උපදේශන සේවාවේ උපකාරය ලබා ගත හැකිය. නීති උපකාර ලබා දීමේදී, සංක්‍රමණික සේවකයින්ගේ නීත්‍යානුකුල තත්වය පිළිබඳව නොසළකන බවද ඇය වැඩි දුරටත් කියා සිටි.

වැඩබිම

තවත් දෙස් විදෙස් තොරතුරැ සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට

මෙම ලිපිය ප්‍රයෝජනවත් වේ යැයි ඔබට හැඟෙන අයෙකු අතර බෙදා හරින්න 🙂

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435