විදෙස් ශ්‍රමිකයින් සිය රටට යවන මුදල්වලට 5% බදු පනවන ලෙස ඉල්ලීමක්

කුවේටයේ සේවය කරන විදේශික ශ්‍රමිකයින් සිය රටවලට යවන මුදල්වලින් 5%ක බදු මුදලක් අයකරගන්නා ලෙසට පසුගියදා කුවේට් පාර්තිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීමක් කර ඨැහි බව වාර්තා වේ.

මෙම පිරිස් පෙන්වා දෙන්නේ රටට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව වාර්ෂිකව ඩිනාර් බිලියන ගණනක් කුවේටයේ සිට වෙනත් රටවලට ඇඳී යන බවයි.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ යෝජනාව කුවේට් මූල්‍ය හා ආර්ථික කටයුතු පිළිබඳ කමිටුව පිළිගෙන කුවේට් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් 5% බද්ධක් පැනවීම මඟින් කුවේට් ආර්ථිකයට අහිතකර ආකාරයෙන් බලපෑමක් එල්ලවීමට ඉඩ ඇති බැවින් කුවේට් නීති හා ව්‍යවස්ථාදායක කමිටුව මීට පෙර අවස්ථාවකදී අදාල යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435