විදෙස් ශ්‍රමිකයෙකුට කුවේට් ජාතිකයෙක් අමානුෂික ලෙස පහරදෙයි [Video]

කුවේටයේ පිරිසිදු කිරීමේ සමාගමක සේවය කරන විදෙස් ශ්‍රමිකයෙකුට කුවේට් ජාතිකයෙකු විසින් අමානුෂික අන්දමින් පහර දුන් පුවතක් කුවේට් මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාල වීඩියෝ පටයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි වල ප්‍රචාරය වෙන අතර එහිදී මෙම ව්දෙස් ශ්‍රමිකයාට අමානුෂික අන්දමින් පහරදෙන ආකාරය පැහදිලිව දැක්වෙයි.

පහර දීම සම්බන්ධයෙන් කුවේට් මහනගර සභාව දැඩි ලෙස හෙලාදැක ඇති අතර එම කුවේට් ජාතිකයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයද වැඩිදුර පරීක්ෂණ ආරම්භකිරීමට කටයුතු කර ඇත.

කෙසේ නමුත් පහරකෑ පුද්ගලයාව හොරෙක් ලෙස හඳුන්වාදෙමින් සමාජ ජාල වෙබ් අඩවිවලට වීඩියෝවක් එක්කර තමන් කළ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට පහරදුන් පුද්ගලයා උත්සහ කර ඇති අතර ඊට සමාජ ජාල පරිශීලකයන්ගෙන් දැඩි විරෝධයක්ද එල්ල වී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435