විදෙස් සේවා නියුක්තිකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහන නිවාස ණය අනුමතයි

න්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද එිහියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමවල පවතින සහනදායී නියමයන් හා කොන්දේසි හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රම සඳහා විශාල ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435