විදේශගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය කදවුරක්

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මාතලේ දිස්ත්‍රික්කයේ විදේශගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් 2019.08.03 දින වෛද්‍ය කදවුරක් සංවිධානය කරන ලදී.

කාර්යාංශයේ දඹුල්ල පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වුණු මෙම වෛද්‍ය කදවුරේදී කායික රෝග සායනයක්, දන්ත සායනයක්, ආයුර්වේද වෛද්‍ය සායනයක්ද පැවැත් වූ අතර, ජංගම ඖෂධාගාරයක් මගින් නොමිලේ ඖෂධ ලබාදීම ද සිදුවිය.

ඊට අමතරව අක්ෂි සායනයක් මගින් ඇස් පරික්ෂා කර නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදුකළ අතර, සෞඛ්‍ය පරික්ෂණාගාරයක් මගින් වෛද්‍ය පරික්ෂණයන්ද සිදුකරන ලදී.

මෙම සෞඛ්‍ය සායනය සදහා මාතලේ, දඹුල්ල, ගලේවෙල ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි විදේශ ගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435