විදේශයක සිට මෙරටට පැමිණෙන ඔබට රේගුවෙන් හිමි සහන

විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, ලැබෙන සහන

විදේශයේ සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට, නේවාසික වීසා හිමියකුට හෝ ද්විත්ව පුරවැසිභාවය හිමි මගියෙකුට, පහත සඳහන් මුදලට සමාන ප්‍රමාණයක් වටිනාකමකින් යුත් කැටුව ගෙන ආ භාණ්ඩ සහ තීරු බදු නිදහස් සාප්පුවලින් ගන්නා භාණ්ඩවලට වාර්ෂික තීරු බදු සහනයක් ලබාගත හැකි වේ. විදේශයක එක දිගට ගතකළ කාලය අනුව මෙම තීරුබදු නිදහස් දීමනාවේ ප්‍රමාණයක් තීරණය කරනු ලැබේ.

විදේශයක එක දිගට රැඳී සිටි කාලය

පිටරටකදී මිලදී ගත් භාණ්ඩ හෝ තීරුබදු රහිත සාප්පු වලින් මිලදී ගත් භාණ්ඩ

බාලවයස්කරුවන්ට

වැඩිහිටියන්ට

දින 90 ට අඩු

  • ඇ.ඩො. 87.5
  • ඇ.ඩො. 125
  • ඇ.ඩො. 125
  • ඇ.ඩො. 187.5
  • දින 90-365 අතර
  • ඇ.ඩො. 187.5
  • ඇ.ඩො. 500
  • ඇ.ඩො. 187.5
  • ඇ.ඩො. 625
  • දින 365 ට වැඩි
  • ඇ.ඩො. 187.5
  • ඇ.ඩො. 1000
  • ඇ.ඩො. 187.5
  • ඇ.ඩො. 1750
  • වාණිජමය ස්වරූපයෙන් ගෙන එන ලද භාණ්ඩ සඳහා තීරු බදු රහිත දීමනාව වලංගු නොවේ.
  • ඔබ තීරු බදු රහිත වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, ඔබ සතු සියළුම විදේශ මුදල් රේගුව වෙත ප්‍රකාශ කළ යුතුය.
  • ඔබ විසින් මිලදීගත් භාණ්ඩ, ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට විකිණීමෙන් වලකින්න.
  • ඔබගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමට ජාවාරම්කරුවන්ට හෝ තැරැව්කරුවන්ට ඉඩ නොදෙන්න. රජය විසින් ඔබට ලබාදෙන තීරුබදු සහනය වෙනත් අයෙකුට පැවරීම වරදකි.
  • ඔබට ලැබෙන බදු සහනය ඔබ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් දක්වා වලංගු වේ. වසරක් තුල ඔබ කිහිප වරක් ආපසු පැමිණ තිබේ නම්, එම වසර තුල විදෙස්ගත වී සිටි වැඩිම කාල සීමාවට අදාලව තීරු බදු සහනය ලැබේ.

මත්පැන් සඳහා සීමාවන්

ශ්‍රී ලාංකිකයින් සඳහා –

මධ්‍යසාර ලීටර 2 1/2 නොඉක්මවන ප්‍රමාණයක්
වයින් ලීටර 2 නොඉක්මවන ප්‍රමාණයක්
සුවඳ විලවුන් මිලි ලීටර් 250 නොඉක්මවන ප්‍රමාණයක්

විදේශිකයින් සඳහා –

වයින් සාමාන්‍යය ප්‍රමාණයේ බෝතල් 2ක්
ස්ප්‍රීතු ලිටර් 1 1/2ක්
මුළු වටිනාකම ඇ.ඩො. 250 නොඉක්මවන සුවඳ විලවුන් මි.ලි. 250 නොඉක්මවන ප්‍රමාණයක් සහ සමරු සිහිවටන.

ආයතනයේ තොරතුරු

  • රේගු දෙපාර්තුමේන්තුව
    නො 40,
    කෙලින් වීදිය,
    කොළඹ 11.
  • දුරකථන:+94-11-2470945 to +94-11-2470948
  • ෆැක්ස් අංක:+94-11-2446364
  • විද්‍යුත් තැපෑල:slcdgc@slt.lk
  • වෙබ් අඩවිය: http://www.customs.gov.lk/index.html

මුලාශ්‍රය: ශ්‍රී ලංකා රේගුව

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (7)

  1. rohanthi says:

    විදෙස් රටක සිට එන වැඩිහිටි අයෙකුට කොපමණ මුදල් ප්‍රමාණය (උපරිම)රැගෙන ආ හැකිද?(ඇ.ඩො)

    (3)(1)



    0



    0
  2. lalith says:

    ඩොලර් කියක තීරු බදු රහිත බාන්ඩ ගන්න පුලුවන්ද

    (1)(0)



    0



    0
  3. Dinesh says:

    ...ඔබට ලැබෙන බදු සහනය ඔබ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් දක්වා වලංගු වේ....

    දාල තිබෙන අදහස අනුව ශ්‍රී ලංකාවට ආපසු පැමිණි දිනයේ සිට අවුරුද්දක් යන්න කලින් අපිට භාණ්ඩ මිලට ගත හැකිද ?
    කස්ටම් එක පාස් කරලා ඇවිත් අයෙත් වෙන දවසක භාණ්ඩ මිලට ගත හැකිද ?

    (44)(20)



    0



    0
    • ඔබ ගුවන්ෙතාටුපෙලන් ඒළියට ඒ්ෙමන් පසු ඔබට තීරු බදු රහිත සාප්පුවට නැවත අාපසු යාමට අවස්‍‍‍‍‍‍තාවක් ෙනාමැත.

      (1)(0)



      0



      0
    • wedabima says:

      අවුරුදුද්දක කාල සීමාව ඇතුලත ඔබට බදු සහනය ලබා ගත හැකියි. 94-11-2470945 to +94-11-2470948 අමතා වැඩිදුර විස්තර ලබා ගන්න.

      (0)(0)



      0



      0
  4. හොද වටින උපදෙස්... පිට රට ඉන්න අයට.

    (12)(1)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435