විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

 

ශ්‍රී‍්‍ර ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.
උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.

උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

පියා
මව
භාරකරු

උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.
ඉදිරිපත් කළ යුතු ලියවිලි,


නිවැරදිව නම් කරන ලද ප‍්‍රකාශය
උපත තහවුරු කිරීමට අදාල ලියවිලි
මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.


විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත් ලියාපදිංචි කරවා ගත හැක.

ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න.

දුරකථන අංකය : 94 112329773 හෝ 94 112433075

ආයතනයේ තොරතුරු :
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
නො: 234/A3,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාවදුරකථන:+94-11-2889488 / +94-11-2889489
ෆැක්ස් අංක:+94-11-2889491
විද්‍යුත් තැපෑල:info@rgd.gov.lk, rgd@sltnet.lk
වෙබ් අඩවිය: http://www.rgdept.lk/

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435