විදේශයේ සිට එන අයගෙන් PCR පරීක්‍ෂණයට මුදල් අය කිරීමේ සූදානමක්

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ දී සිදුකරන ඵ්CR පරීක්ෂණ වෙනුවෙන් වැයවෙන මුදල ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් අය කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි සදහන් කළේ මෙම පරීක්ෂණ සඳහා එක් අයෙකුට රුපියල් 6500 ත් 8000 ත් අතර මුදලක් වැය වන බවයි.

කෙසේවෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු එම මුදල දැරීම ඉතා අපහසු බව ද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අගෝස්තු පළමු වැනිදා සිට විවෘත කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435