විදේශයේ සිට තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 211ක් මෙරටට පැමිණ තිබේ.

ඊයේ (26) රාත්‍රී 9.30 ට හොංකොං සිට ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු සහ අද (27) අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර තවත් ගුවන් යානයක් අද අලුයම 2.36 ට කුවේට් සිට පැමිණ ඇති අතර, එහි ශ්‍රී ලාංකිකයන් 157 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

මොවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435