විදේශයේ සිට දිවයිනට එනවා නම් මේ ක්‍රමවේදය අනුගමනය කරන්න

අගෝස්තු පළවෙනිදට කලින් ලංකාවට එන්නේ මෙහෙමයි

✈️ මේ දිනවල ලංකාවේ ගුවන් තොටුපල වසා දමා ඇති නිසා බොහෝ දෙනෙක් පිට රටවල් වල සිට මවුබිමට නැවතත් පැමිණීමට බලාසිටියි. ඉතින් ඔබට අගෝස්තු මාසෙට කලින් ලන්කාවට එන්න ඕනෙනම් පහත සදහන් කරනා වැදගත් වේවි.

👉1)ඔබේ ලංකාවට පැමිණීමේ හේතුව සදහන් කරමින් ලගම ඇති Embassy එකේ හෝ Consulate එකේ Register විය යුතුය

👉2)එසේ Register වීමෙන් අනතුරුව ඔබේ ගමන් වාරය ලංකාවෙන් Approve කල පසු Embassy එකෙන් හෝ Consulate එකෙන් ඔබව සම්බන්ද කරගනු ලබයි.

👉3)Embassy එකෙන් Approval එක ලැබුනු පසු Srilankan Airlines මගින් ඔබේ Ticket එක වෙන්කරගන්න ඕන.

👉4)ඔබේ පැමිණෙන්නේ දුර රටක සිට නම් Flight Entertainment Services නවතා ඇති නිසා Tab එක හෝ Laptop එක Charge කරගෙන එන්න අමතක කරන්න එපා. Flight එක ඇතුලේ pillow එක සහ blanket එක දෙන්නේ නැති නිසා සීතලට ඔරොත්තු දෙන විදිහටත් සුදානම් වෙලා එන්න.

👉5)ලංකාවට පැමිණීමෙන් පසු මුලින්ම ඔබව විසබීජානුහරණය කරන අතර ඔබ පැලද එන Mask එක Gloves එක වෙනුවට අලුතෙන් Mask/Gloves ලබා දෙයි.

👉6)ඉන් අනතුරුව ඔබේ උෂ්ණත්වය මනිනු ලබයි.

👉7)පසුව ඔබට Immigration Counter එක පසු කරන්නට හැකියාව ලැබෙනවා.

👉8)ඉන් අනතුව ඔබට PCR Test එක කරන්න සිදු වෙනවා.

👉9)ලංකාවට පැමිණීමෙන් පසු ඔබට දින 14ක නිරෝධනයකට අනිවාර්යෙන්ම ලක්වීමට සිදුවන අතර, රජයේ මධ්යස්ථානයක හෝ පෞද්ගලික Hotel එකක නිරෝධනය වෙන්න පුළුවන්. හොටෙල් එකක නම් දිනකට රුපියල් 7500ක් හෝ 12500ක් ගෙවා නවතින්න පුළුවන්)

👉10)පළමු දින 14 පසු කිරීමෙන් අනතුරුව නැවතත් තවත් දින 14ක් ස්වයන් නිරෝධනයකට ඔබට නිවසේ රැදී සිටීමට සිදු වනු ඇත.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435