විදේශයේ සිට පැමිණි ලාංකිකයින් 06කට කොරෝනා

විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයින් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ විසින් සඳහන් කර තිබේ.

එලෙස හඳුනාගත් අය පසුගියදා විදේශයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වෙයි.

හඳුනාගත් ආසාදිතයින් අතුරින් දෙදෙනෙකු ඉරානයේ සිට මෙරටට පැමිණි අය වන අතර කටාරයේ සිට පැමිණි දෙදෙනෙක් කුවේටයේ සිට පැමිණි දෙදෙනෙක් ඒ අය අතර සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,333දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර 178ක් පමණ රෝහල්ගත ප්‍රතිකාර ලබයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435