විදේශයේ සිට පැමිණි ලාංකිකයෙකු ගුවන් තොටේදී පොලිස් දැලේ

රත්තරන් කුට්ටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපළ පිටත පර්යන්තයේ රැඳී සිටියදී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

සැකකරු 7 වෙනි දින දහවල් 11.00 ට පමණ ඉන්දියාවේ ට්‍රිචිනාපොලි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි පරීක්ෂණ කටයුතු නිමවා, ගුවන් තොටුපළෙන් පිටතට පැමිණ ඇත.

ඔහු තවත් පුද්ගලයෙකු සමඟ ගුවන් තොටුපළෙන් පිටත පර්යන්තයේ, තම වාහනය එනතුරු රැදී සිටියදී, පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම සැකකරු හැඳ සිටි කලිසමේ සාක්කුවල රුපියල් පනස් නව ලක්ෂ පනස් දහසක් (59,50,000) ක් වටිනා ග්‍රෑම් 650 ක් බර, රත්තරන් කුට්ටි 04 ක් සඟවාගෙන සිටියදී පොලිස් නිලධාරීන් විසින් අඅඩංගුවට ගෙන තිබුණි.

පසුව මෙම රත්තරන් තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපල රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435