විදේශයේ සිට පැමිණි 14ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගනී

ඊයේ (11) දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

එම 14 දෙනාද ඇතුළුව අදවන විට මෙරටින් වාර්තාවෙන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු ඇතුළත්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඔවුන් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින්වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435