විදේශයේ සිට ලාංකිකයින් ගෙන්වීමේ සැලසුම් ගැන අලුත් නිවේදනයක්!

මෙරටට පැමිණීමට නොහැකිව ලෙබනන් ඇතුළු මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කර තිබේ.

මහ මැතිවරණය හේතුවෙන් පසුගිය 04 වෙනි දින සිට තාවකාලිකව නවතා තිබූ විදේශයේ සිට ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු ඊයේ(08) දින සිට නැවත ආරම්භකර තිබෙන අතර ඊයේ දිනයේදී මෙන්ම අද දිනයේදීද විදේශයේ සිට ලාංකිකයින් රැසක් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලදී.

ඒ අනුව ඊයේ දිනයේ චීනයේ සිට 112ක්, ඉන්දියාවේ සිට 123ක්, හා අද දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 420ක් හා කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 27ක් මෙරටට පැමිණ තිබේ.

ඊට අමතරව තානාපති නිලධාරීන් 16 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති බව සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435