විදේශයේ සේවය කළ ලාංකිකයෙකු සියදිවි නසා ගනී

දකුණු අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේ යෙදී සිටි ලාංකිකයෙකු සිය දිවි නසාගෙන තිබෙන බව වාර්තා වේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ පෙරේදා (20) දිනයේ මෙම පුද්ගලයා සියදිවි නසාගෙන තිබෙන බවයි.

ඔහු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බවත් සඳහන්.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435