විදෙස් ශ්‍රමිකයන්ට 2019 අයවැයෙන් නිවාස ණය යෝජනාවක්

මෙවර අයවැය මගින් විදේස්ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් නිවාස ණය ප්‍රදානයක් සඳහා යෝජනා කර ඇත.

ඔවුන්ගේම නිවසක් සාදා ගැනීමේ සඳහා එයට විසදුමක් වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදේශගත ශ‍්‍රමිකයන් සඳහා ‘‘එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා’’ යටතේ ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ‘සිහින මාළිගා‘ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇත.  මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ රු. මිලියන 10 ක ණයක් අවුරුදු 2 ක ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ද ඇතුළුව අවුරුදු 15 ක ගෙවීමේ කාලයකට ලබා ගත හැකියි.

මේ සඳහා සියයට 75 ක පොලියක් රජය විසින් දරනු ලැබේ. තව දුරටත් විදේශ ශ‍්‍රමිකයින්ගේ පවුල්වලට සහාය දැක්වීමේ පියවරක් ලෙස ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435