විදේශික ශ්‍රමිකයින් 30,000ක් කුවේටය හැර යයි

2019 මැයි මස මුල් දින කිහිපය වනවිට කුවේටයේ සේවය කළ විදෙස් ශ්‍රමිකයින් තිස් දහසක (30,000) ප්‍රමාණයක් සිය රටවල් බලා පිටත්ව ගොස් ඇථි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

වර්තමානයේ සංඛ්‍යා වාර්තාවලට අනුව කුවේටයේ ජීවත්වෙන මුළු විදේශික ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය 3,333,027ක් වන අතර එය සමස්ත ජනගහනයෙන් 70.3% පමණ නියෝජනය කරයි.

එරට මහජන තොරතුරු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන ආකාරයට කුවේට් පුරවැසියන් සංඛ්‍යාව1,412,264 ක් වන අතර ජනගහනයෙන් 29.7% ක් පමණ ප්‍රමාණයක් පමණක් ඔවුන්ගෙන් නියෝජනය වන බවයි.

පසුගියදා කුවේට් රජය සැලසුම්කර පරිදි කුවේට් ජාතිකයින්ට එරට ශ්‍රම වෙළෙඳපොළ තුළ වැඩි රැකියා ප්‍රමාණයක් ලබා දීමේ අරමුණින් දියත් කළ කුවේට්කරණය හරහා විදේශික ශ්‍රමිකයින් බඳවා ගැනීම්වලට අදාලව යම් යම් බාධා ඇති වුවත් මේ මස මුලදී 30,000ක් තරම් ශ්‍රමිකයින් ප්‍රමාණයක් කුවේටය හැර යාමට හේතුව මෙතෙක් දක්වා නොමැති බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435