විදේශ ගතවීමට අදාල නව චක්‍රලේඛනයක් හඳුන්වා දෙයි – මේ සුදුසුකම් නැත්නම් රට යනවා බොරු

ගෘහ සේවිකාවක ලෙස පළපුරුද්ද ඇතත් පුහුණුව ලබා නැත්නම් යළි විදේශ ගත වන විට පුහුණු විය යුතුයැයි ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යංශයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛයක් නිසා තමන් බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දී ඇතැයි විදේශ රැකියා ඒජන්සි හිමියෝ පවසති.

ගෘහසේවිකාවක ලෙස  විදේශ රටක සේවය කර ඇත්නම් පුහුණුවක් අවශ්‍ය නොවන බවට මෙතෙක් පැවැති නීතිය වෙනස් කරමින් ඉකුත් 12 වැනිදා නිකුත් කර ඇති නව චක්‍රලේඛය පසුදින සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබූ බව බලපත්‍රලාභි විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමයේ සභාපති ඒ එම් ඒ හසීම් මහතා ලංකාදීපයට පැවැසීය.

එයින් ප්‍රශ්න රාශියක් පැන නැගුණු බැවින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා වෙත කරුණු දැක්වූ බවත් අමාත්‍යවරයා නව චක්‍රලේඛය මේ මස 30 වැනිදා දක්වා කල් දමා දුන් බවත් කී හෂිම් මහතා මෙම චක්‍රලේඛ්‍ය සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස තම සංගමය ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

නව චක්‍රලේඛයෙන් සිදුවන්නේ හොරු ඇල්ලීම නොව තව තවත් හොරුන් බෝවීම යැයි කී සභාපතිවරයා මෙයින් සිදුවන්නේ විදේශ රැකියා කේෂත්‍රය කඩා වැටීම යැයි ද සඳහන් කළේය.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    Athatama eya harima prasnayak.videsha gatha una kenekuta kumatada nawatha puhunuwa.ati deyak na ehi mudal gareemak pamanai.traing centerwala duk vidinne kumatada amathithumani.tata yanaayata pahasukam sapayanawa vina.oun apahasuthawayata pathkaranna epa .eya harima peedawak.

    (0)(0)



    1



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435