විදේශ දූත මණ්ඩල වලට කළමනාකරණ සේවා නිලධාරින්ට අවස්ථාවක් ලබදෙන ලෙස ඉල්ලීමක්

විදේශ දූත මණ්ඩලවල පවතින පුරප්පාඩු සඳහා විභාගය සමත් වී ඇති නිලධාරින්ගේ අවම ලකුණු මට්ටම සලකා බලා ඉතිරි පුරප්පාඩු සඳහා කළමනාකරණ සේවා නිලධාරීන් හට අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලෙස කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින්, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

විදේශ දූත මණ්ඩලවල පුරප්පාඩු පිරවීම සඳහා 2018/2019 වසරවලට අදාල විභාග පවත්වා මේ වන විට නිලධාරීන් 114 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

විභාගය සමත් වූ මුළු සංඛ්‍යාව 453 වුවත් ප්‍රායෝගික පරීක්ෂණයෙන් ඉහත සඳහන් 114 දෙනා සමත් වූ අතර මේ වන විට විදේශ දූත මණ්ඩලවල පුරප්පාඩු 160 ක පමණ ප්‍රමාණයක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

විභාගය සමත් වූ මුළු සංඛ්‍යාවෙන් තේරී පත්වූ නිලධාරීන් 114 දෙනාට අමතරව නිලධාරීන් 339 දෙනෙකු විභාගය සමත් වී සිටින අතර ප්‍රායෝගික පරීක්ෂණයේ යම් දෝෂ සහිත තත්ත්වයන්ද නිරීක්ෂණය වන බැවින් පවතින පුරප්පාඩු සඳහා මෙම නිලධාරින්ගෙන් ලබා ගත් ලකුණු මට්ටම සලකා බලා ඔවුන්ටද ඉතිරි පුරප්පාඩු සඳහා යම් සහනයක් ලබා දෙන්නේ නම් අගේ කොට සලකමු.

තවද මේ සම්බන්ධව වැඩි දුරටත් කරුණු සාකච්ඡා කිරීම සදහා අප වෘත්තීය සමිතිවලට අවස්ථාවක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435