විදේශ රටවල් කිහිපයකින් ලාංකිකයින් රැසක් දිවයිනට එයි

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දිවයිනට පැමිණීමට නොහැකිව විදේශ රටවල් කිහිපයක රැඳී සිටි ලාංකිකයින් 399 දෙනෙකු අද (30) උදෑසන කටුනායක හා මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

විදේශ රටවල් තුනක සිට මෙම ලාංකිකයින් පිරිස දිවයිනට පැමිණ තිබෙන අතර අද අලුයම 04.00ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.605 දරණ විශේෂ ගුවන් යානයෙන් ලාංකිකයින් 287ක් මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයින් 47 දෙනෙකු අලුයම 1.06ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති බවත් වාර්තා වේ.

තවද, අලුයම 5.27ට පමණ ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් එරට රැඳී සිටි ලාංකිකයින් 05 දෙනෙකුද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

පැමිණි ගුවන් මගීන් සියලුම දෙනා පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝදායන ක්‍රියාවලියට හොමුකළ බවත් සඳහන්.
වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435