විදේශ රැකියාවකට ගිය බිසෝමැණිකා ගැන මාස 06කින් තොරතුරක් නෑ

දැනට වසරකට පමණ ඉහතදී ඩුබායි රටේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවකට ගිය තිදරු මවක් වන ඩී.එම්.කේ.බිසෝමැණිකා වන සිය මව පිළිබඳව මාස 06ක සිට කිසිඳු තොරතුරක් නොමැති බව දරුවන් විසින් සඳහන් කර තිබේ. ඇය වයස අවුරුදු 50ක් වයසැති කැකිරාව 100 කණුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය පිළිබඳව තොරතුරක් දැන ගැනීම සඳහා අදාල ඒජන්සියෙන් විමසීමක් කළත් කිසිම සහනදායී පිළිතුරක් නොමැති බවයි ඇගේ දරුවන් පෙන්වා දෙන්නේ.

ඇගේ දියණියක් වන ධනජනී පුෂ්පලතා දිසානායක සඳහන් කරන්නේ කැකිරාව ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියකින් ඩුබායි රටේ ගෘහ සේවිකාවක් ලෙස සිය අම්මා රැකියාව සඳහා ගිය බවත් දැනට මාස 6ක කාලයක සිට ඇය ගැන පවුලේ කිසිම අයෙකුට තොරතුරක් නොමැති බවයි. අවසාන වතාවේ සිය මව එම නිවසේම සිටින පිලිපීන කාන්තාවකගේ දුරකථනයකින් කතාකොට තමන් ඉන්න ගෙදර ගොඩක් කරදරයි. ගෙදර අය පහර දීලා කොන්ද අමාරුයි කිවුවා ” යනුවෙන් සඳහන් කළ බවත් නිවස හෝ විකුණා තමන්ව ලංකාවට ගෙන්වාගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් ඇය පවසයි.

“මේ කාරණාව ගැන අම්මා විදේශගතවූ ඒජන්සියට දැනුවත් කළත් අම්මා නැවත ගෙවා දෙන්නේ ලක්ෂ හතරක මුදලක් අවශ්‍ය බව කියා සිටියා. එච්චර මුදලක් අපිට හොයා ගන්න බෑ” ඇය සඳහන් කරයි.

අම්මා හිටපු ගෙදර කරදර වැඩි නිසා ඒජන්සියට ගියා කියලා පිලිපීන කාන්තාව පැවසුවා. නමුත් දැන් අම්මා ගැන කිසිඳු තොරතුරක් නෑ. අම්මා ගෙන්න ගන්න බලධාරීන්ගේ අවධානය යොමුකර ලෙසයි ඇය අවසාන වශයෙන් ප්‍රකාශකර සිටියේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435