විදේශ රැකියාවක නිරතව සිටියදී හදීසි අනතුරකට පත් සමන්තට කෘතීම පාදයක්

අංක 142, කරුවලගහවත්ත පාර, කිරිමැටියාව, මහව ලිපිනයේ පදිංචි ඩබ්.එම්.සමන්ත සෙනවිරත්න මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා සෞදි අරාබි රාජ්‍යයේ බරවාහන රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා දිවයිනට පැමිණෙන ලදී.

ඔහු වෙනුවෙන් කාර්යාංශ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය ආධාර ලබා දීම යටතේ රු.50,250.00 ක් වටිනා කෘතීම පාදයක් ලබා දීම 2019.04.10 වන දින මහව ප්‍රදේශයේ දී සිදුවිය.

එමෙන්ම රක්ෂණාවරණය මඟින් රු.62500.00 ක මුදලක් හා ගුවන් ටිකට්පත් ගාස්තු ලෙස රු.31081.00 ක මුදලක් ලබා දීමට හා කාර්යාංශ මැදිහත්වීමෙන් විදේශ ප්‍රතිකාර සඳහා විදේශ රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 07 ක මුදලක් ලබාදිමට ද කාර්යාංශය කටයුතු කර ඇත.ඒ අනුව නීත්‍යානුකූලව විදේශ රැකියාවකට ගොස් සිදුවන ආපදා තත්වයන්ට සහන රැසක් කාර්යාංශය මඟින් සලසන ලදී.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435