විදේශ රැකියාවදී අනතුරකින් අබාධිත වූ නිල්මිණිට නව නිවසක්

කරබරාව, ඉලුක්හේන, කුලියාපිටිය යන ලිපිනයේ පදිංචි එම්.ඒ.නිල්මිණි චන්ද්‍රිකා මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවක නිරතව සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත්ව දිවයිනට පැමිණෙන ලදී.

ඇය වෙනුවෙන් කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරනුලබන සහන නිවාස වැඩසටහන යටතේ රු.500,000.00 ක් වටිනා ආබාධිත පුද්ගලයකු හට භාවිතා කිරීමට සුදුසු පරිදි නව නිවසක් භාර දීම 2019.04.10 වන දින කුලියාපිටියේදී සිදුවිය.

එමෙන්ම රක්ෂණාවරණය මඟින් රු.400,000.00 ක මුදලක්,  ගුවන් ටිකට්පත් ගාස්තු වශයෙන් රු.23506.00 ක මුදලක් ලබා දීමට හා කාර්යාංශයේ මැදිහත්වීමෙන් විදේශ රක්ෂණ අරමුදලින් ලක්ෂ 18ක මුදලක් ඇය වෙත ලබා දීමට ද කාර්යාංශය කටයුතු කර ඇත.ඒ අනුව නීත්‍යානුකූලව විදේශ රැකියාවකට ගොස් සිදුවන ආපදා තත්වයන්ට සහන රැසක් කාර්යාංශය මඟින් සලසන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435