විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කරයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කොළඹ දිස්ත්‍රික්කයේ විදේශ රැකියා නියෝජිතායතනවල නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019.12.30 දින කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී නව ලියාපදිංචි ආයතනවල නියෝජිතයින් සඳහා සමථකරණ ක්‍රියාවලිය, අනුමැතීන් ලබාගැනීම, කාර්යාංශයේ පරිගණක පද්ධතිය භාවිතා කිරීම සම්බන්ධයෙන් දේශනයන් පවත්වන ලදී.

විදේශ රැකියා නියෝජිතයින් තමන්ට පවතින ගැටළු පිළිබඳව කාර්යාංශය දැනුවත් කරන ලද අතර, විගමණික ප්‍රජාවට කාර්යක්ෂම හා සහනදායී සේවාවන් සැපයීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් රැකියා නියෝජිතයින් වෙත ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත, සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර, අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයද එක්වී සිටියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435