විදේශ රැකියා සංවර්ධනයට තුන් අවුරුදු සැලසුමක්

  • විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගෝලීය අභියෝග වලට මුහුණ දීම.
  • විගමනික ශ්‍රමිකයන් මඟින් සංචාරක හා අපනයන ජාත්‍යන්තරය තුල ප්‍රචාරනය කිරීම.
  • ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කොවිඩ් රෝගයෙන් තොර බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම.
  • විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ශ්‍රමික වැටුපක් හා ආයෝජන අවස්ථා ඇති කිරීම.
  • විදේශ රැකියාලාභීන්ගේ දරුවන් වෙනුවෙන් වෙනම පාසලක් ආරම්භ කිරීම.
  • පවුල් පසුබිම් වාර්තා ලිහිල් කිරීම, දැනට පසුබෑමට ලක් වී ඇති විදේශ රැකියා ආයතන නගාසිටුවීම.
  • නිරෝධායන ක්‍රියාවලි ශ්‍රමිකයා සේවය කරන රටතුළ දිම සිදු කර යලි සේවයෙහි යෙදවීම, ඇතුළු යෝජනා 57 ක්
  • විදේශ රැකියාවක නියුතුව සිට මෙරටට පැමිණ සිටින පළපුරුදු ශ්‍රමිකයන් උපයෝගී කර ගෙන නව ව්‍යාපාර අවස්ථා ආරම්භ කිරීම.

විදේශ රැකියා කර්මාන්තයේ සංවර්ධනය හා ආදායම් ඉහල නැංවීම සඳහා යෝජනා මාලාවක් සකස් කිරීමට කාර්යාංශයේ සභාපති විසින් පත් කල කමිටුවේ වාර්තව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා වෙත, එම කමිටුවේ සභාපති ප්‍රදීප් නියදඬුපොළ  මහතා විසින් කාර්යාංශයේ දී භාර දෙන ලදී. එම අවස්ථාවට එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන මංගල රන්දෙණිය, ධනුක සමරක්කොඩි, මධුෂාන් කුලරත්න, මංජුල බටගොඩ හා ගිහාන් ධනුෂ්ක යන මහත්වරුන් එක්විය.

මෙම තුන් අවුරුදු සැලැස්ම මගින් දැනට පසුබෑමකට ලක් වී තිබෙන විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඵලදායීතාවය ඉහළ නංවා, විගමනික ප්‍රජාව හා ක්ෂේත්‍රයට අදාල සියළු පාර්ශවකරුවන්ගේ අදායම ඉහල නැංවීම සඳහා ප්‍රධාන යෝජනා 14 ක් යටතේ අනු යෝජනා 57 ක් ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් 19 වසංගතයත් සමඟ කඩාවැටීමට ලක් වූ විදේශ රැකියා කර්මාන්තය කෙටි කාලීනව සංවර්ධනය කිරීම සඳහා යෝජනා 04 ක් ද මෙම වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබේ. ලෝක වසංගතය හමුවේ  විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගෝලීය අභියෝග වලට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන් පිලිබඳ සමීක්ෂණයක් සිදු කර රැකියා අවස්ථා යලි එම රට තුල දිම ස්ථාපනය කිරීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කොවිඩ් රෝගයෙන් තොර බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම ඒ අතර වේ.

විදේශ රැකියා ප්‍රවර්ධනය, විගමනික ශ්‍රමියන් වෙනුවෙන් විශ්‍රම වැටුපක් හා ආයෝජන අවස්ථා ඇති කිරීම, විගමනික ශ්‍රමික ආයෝජන කලාප ඇති කිරීම, පවුල් පසුබිම් වාර්තාව ලිහිල් කිරීම, විදේශ රැකියාලාභීන්ගේ දරුවන් වෙනුවෙන් වෙනම පාසලක් ආරම්භ කිරීම, මාධ්‍යගත පුහුණු පාසලක් ආරම්භ කිරීම යන යෝජනා ද මෙයට ඇතුළත් කර තිබේ.

බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන සංවර්ධනය කිරීම හා දැනට පසුබෑමට ලක් වී ඇති ආයතන නගාසිටුවීම, විදේශ රැකියා ඇණවුම් ඔවුන් අතර සාධාරණව බෙදා දීම, රැකියා නියෝජිතායතන සඳහා බලපත්‍ර ලබා දීමේ භෞතික නිර්නායක සරළ කිරීම ද යෝජනාවට ඇතුළත් වේ.

කොරෝනා වෛරසයෙන් තොර විගමනික ශ්‍රමිකයන් ලෙස විදේශ ගත කිරීමේදී මත්තල ගුවන් තොටුපල හරහා සිදු කිරීම, නිරෝධායන ක්‍රියාවලි ශ්‍රමිකයා සේවය කරන රට තුලදිම සිදු කර යලි සේවය යෙදවීම, කොවිඩ් පාලනය කල රටවල් මෙරට ශ්‍රමිකයන් යොමු කිරීම සදහා ක්ෂනික මෙහෙයුමක් ආරම්භ කිරීම ද මෙම තුන් අවුරුදු සැලැස්මට ඇතුළත් කර තිබේ.

මෙයට අමතරව සෞභග්‍ය දැක්ම යටතේ කැබිනෙට් හා රාජ්‍ය අමාත්‍යාංශ 18 සමඟ සම්බන්ධ වී විදේශ රැකියා කර්මාන්තය හා විදේශීය ප්‍රේෂණ ඉහළ නැංවීම, ප්‍රවර්ධනය යන අංශ කොරෙහි ද අවධානය යොමු කොට තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශය, ග්‍රාමීය නිවාස, ඉදිරිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා යන අමාත්‍යාංශය සමඟ සහයෝගී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම වේවැල්, පිත්තල, මැටි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය, බතික් අත්යන්ත්‍ර හා දේශීය රෙදිපිළි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාඹු නැටි, බුලත් හා කුඩා වැවිලි භෝගරාජ්‍ය අමාත්‍යාංශය, මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වී විගමනික ශ්‍රමිකයන් හරහා එම නිෂ්පාදන ජාත්‍යන්තරයේ ප්‍රචාරය කිරීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළක්  ද මෙම තුන් අවුරුදු සැලැස්මක් යෝජනා කර තිබේ.

මෙම තුන් අවුරුදු සැලැස්ම සකස් කිරීමේ කමිටුව, පසුගිය ජූනි මස කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් පත් කරන ලද අතර, යෝජනාවලිය සකස් කිරීම සඳහා මහජනතාව ඇතුළු විදේශීය තානාපති කාර්යාල, මෙරට බැංකු , රක්ෂණ ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්ව විද්‍යාල ජනමාධ්‍ය ව්දීන් වෘත්තීය වේදීන්ගේ යෝජනා කැඳවනු ලැබීය. ඒ අනුව ලැබුණු විශාල ප්‍රමාණයක යෝජනා විශ්ලේෂණය කොට කමිටු වාර්තාව සකස් කළ බව කමිටු සභාපති ප්‍රදීප් නියදඩුපොළ මහතා සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435