විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම්  මැයි 20 සිට ආරම්භ කරයි

විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් ලියාපදංචිකර විදේශ ගතවීමට අනුමැතිය ලබාදීමේ කිරීමේ කටයුතු  2020 මැයි මස 20 වෙනි දින සිට යළි ආරම්භ කරනු ලබන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙහි ප්‍රථම පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව හා ජර්මනිය යන රටවල රැකියා සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදේ. කොරෝනා වෛයිරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට විදේශ රැකියා සඳහා පිටත්වන්නන් ලියාපදිංචි කිරිම තාවකාලිකව අත්හිටුවන ලදී.

මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හා සියලුම පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාලවල සාමාන්‍ය රාජකාරී ආරම්භ කර ඇති බැවින් රැකියා සඳහා ලියාපදංචිය කිරිම් ද එම ස්ථානවලදී සිදුකෙරේ. එහිදී විදේශ රැකියාවක නිරතව සිට දැනට නිවාඩු ලබා පැමිණ සිටින, නැවත තම රැකියා ස්ථානවලට යාමට බලාපොරොත්තුවන අය ලියාපදිංචියේදී ප්‍රමුඛත්වය ලබාදේ.

රැකියා සදහා කාර්යාංශයේ ලියාපදිංවි වීමට අවශ්‍ය මූලික ලියවිලි වලට අමතරවෙ, දකුණු කොරියාව, ජපානය, කැනඩාව, ජර්මනිය යන රටවල සේවා යෝජකයන්  විසින් තමන් ලබා ගන්නා  ශ්‍රී ලාංකිකයන් එම රටේදි, නිරෝධායනයට ලක් කරන බවට නිකුත්කල සහතික කිරිමේ ලිපියද ලියාපදිංචි කිරිම සදහා අවශ්‍යවේ. විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ.

මැදපෙරදිග හා සෙසු රටවලට විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිම් ඉදිරියේදි ආරම්භ කිරිමටද නියමිතය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Abv says:

    මැමැදපෙරදිග ට නම් ආපහු රැකියාවකට යන එක තේරුම ක් නැති වැඩක්. කොරෝනා නිසා මැදපෙරදිග හැම රටක්ම කඩා වැටිල . රස්සාව කලාට පඩි නෑ , අතිකාල දීමනා නෑ , කන්න නෑ , වැටුප් කප්පාදු කිරීම්, බදු වැඩිවීම්, මේ වගේ ගොඩක් ප්‍රශ්න තියනව. ඒක නිසා ලංකාවට වෙලා හිටපියව්. ආපහු මෙහෙ ඇවිත් අරාබියට කඹුරන්නෙ නැති ව.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435