විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය ලබා ගැනීමට පැමිණීමේ දී ඔවුන් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කාර්යාංශය විධිවිධාන යොදා තිබෙන බව වාර්තා වේ.

එම විධිවිධානවලට අනුව, ගමන්මලු ,පාර්සල් ආදිය කාර්යාංශ පරිශ්‍රය තුළට රැගෙන නොඑන ලෙසත්, මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන සේ ඇදුම්, හෙල්මට් හා ජැකට් පැලඳ නොපැමිණෙන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය සේවාලාභීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

නැවත දැනුම්දෙනතුරු අවසර නොලත් කිසිදු වාහනයක් කාර්යාංශ පරිශ්‍රය තුළට ඇතුලු නොකර ගැනීමට ද, සේවා අපේක්ෂකයින් සඳහා ඇතුල්වීමේදී විශේෂ අවසර පත්‍රයක් ලබා දීමටද කාර්යාංශයේ ආරක්ෂක කමිටුව  තීරණය කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435