විභාග ගැටළුවෙන් ප්‍රමාද වූ සෞඛ්‍ය කළමණාකරණ පත්වීම් ලබාදීමට පියවර

සෞඛ්‍ය කළමණාකරණ සේවයේ බඳවා ගැනීමට අදාල කටයුතු අපි සිදු කළා. එහිදී විභාග වලදී සිදු වූ යම් කිසි අපහසුතාවයක් නිසා පත්වීම් ලබාදෙන්න බැරි වුනා. නැත්නම් එම පිරිසත් මෙම උත්සවයේ ඉන්නවා. ඒ් අනුව තව නොබෝ දිනකින් පළමුවැනි වරට තේරී පත්වන සෞඛ්‍ය කළමණාකරණ සේවයේ මහත්ම මහත්මීන් මෙම සේවයට බැඳෙනවා. මෙම සේවාව පුළුල් වෙනවා. අපි දන්නවා කවදාවත් 900 බඳවා ගන්න බැහැ රාජ්‍ය කළමණාකරණ සේවයේ හිටියට‍. 900 ඉල්ලුවොත් 200 ක් ලැබෙයි ඉතිරි 700 පුරප්පාඩුයි. මෙම 900 ත් මදි වෙනවා. තවත් අපට බඳවා ගැනීමට සිදු වෙනවා. සෞඛ්‍ය කළමණාකරණ සේවය පරිපාලනය පිළිබද ඉතා වැදගත් සේවයක්. අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, සහ රෝහල් තුල පරිපාලනය සිදු කෙරනවා. ඊට අමතරව අනෙකුත් ස්ථාන වල ද පරිපාලන කටයුතු සිදු  කෙරෙනවා. ලිපි ලේඛණ ආශ්‍රිත තොරතුරු අපි බලාපොරොත්තු වෙන්නේ.

විෂයකටම අදාල ලිපිගොනුව ආරම්භ වෙන්නේ සෞඛ්‍ය, කළමණාකරණ සේවක මහත්ම මහත්මින් අතින්. මේක රාජ්‍ය කළමණාකරණ සේවය නොවෙයි, සෞඛ්‍ය කළමණාකරණ සේවය. හැම තත්ත්පරයක්ම වටිනවා. මිනිසුන්ගේ ජිවිත තීරණය වෙන්නේ එතනින්. එම නිසා රෙගුලාසි වල තියෙන වචන වලට වඩා තමන්ගේ හදවතේ ඇතිවන හැගීම ඊට වඩා ප්‍රබල විය යුතුයි. එතකොට මේ තින්දු තීරණ ගන්න පහසුයි. අපි මේකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සදහායි මෙම සේවාව පිහිට වූයේ. ඔබගේ අත්දැකීම් එක්ක මෙම සේවාවන් ක්‍රියාත්මක කළ යතු වෙනවා. නවීන තාක්ෂණය සමග කටයුතු කරන නිසා ඔබතුමන්ලා කාර්යක්ෂම විය යුතුයි. තීන්දු ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුයි.  නිදහස් සෞඛ්‍ය සේවාව වැදගත් වන්නේ දුප්පත් අහිංසක ජනතාවට. මුදල් තිබෙන අයට නොවෙයි.”

රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435