විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා විසඳන්න කමිටුවක්

විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

මෙම වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මහතා එම කමිටුවට උපදෙස් දී තිබේ.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වී ඇත.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435