විශ්‍රාමිකයින්ගේ ගැටළුව විසඳීමට තවත් කමිටුවක්

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ ගැටළු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් ඒ මඟින් එම ගැටලුව විසඳීමට හැකි බවත් රාජ්‍ය පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.

එහිදි, විශ්‍රාමිකයින්ගේ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පවසා ඇත්තේ  මෙම වැඩිකිරීම සිදු තිබුනේ 2011න් පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයන් සඳහා බවත් එම වැඩිකිරීම මඟින් 2011ට පෙර විශ්‍රාම ලැබුවන්ට අසාධාරණයක් සිදුවන බවත් ය.

එම නිසා දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි නව කමිටුව මගින් අදාළ ගැටලුවට විසඳුමක් දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් 2021 වනවිට මේ සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලබාදීමට හැකි බවත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසා ඇත.

ලේකම්වරයා මෙම අදහස් පවසා ඇත්තේ රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමකදීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435