විශ්‍රාමිකයින් ආණ්ඩුවට පොල් ගසයි

2016-2020 වර්ෂයේදී විශ්‍රාමිකයන්ට ලබාදිය යුතු විශ්‍රාම වැටුපෙන් කොටසක් වත්මන් ආණ්ඩුව කපා හැරීමට විරෝධය පලකරමින් අරඹ ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීව රටපුරා පොල්ගැසීමේ ව්‍යාපාරයක් විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් සංවිධානය කර ඇත. ඒ අනුව අදාල දිස්ත්‍රික්කවල හෙට (ජූලි 30) පෙ.ව. 10.00 ට පහත සඳහන් ස්ථානවල එම පොල්ගැසීමේ ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ එය වැල්ලවත්ත පැරණි රෙදිමෝල අසල භද්‍රකාලී අම්මාන් කෝවිලේදී පැවැත්වේ.

කොළඹ – භද්‍රකාලී අම්මාන් කෝවිල (වැල්ලවත්ත පැරණි රෙදි මෝල අසල)
ගම්පහ – යක්කල අලූත්ගම සතර මහා දේවාලය
නුවර – කතරගම දේවාලය
ගාල්ල – සීනිගම දේවාලය
කුරුණෑගල – ගලේ බණ්ඩාර දේවාලය (නගරයේ වත්හිමි මාවතේ පිහිටි)
බදුල්ල – බදුල්ල පුරාණ කතරගම දේවාලය
රත්නපුර – සමන් දේවාලය
මාතර – දෙවිනුවර දේවාලය
අනුරාධපුර – ශ්‍රී කදිරේෂන් කෝවිල
කලූතර – ශ්‍රී සාරානන්ද මාවත කෙළවරේ කෝවිල
මාතලේ – මාරි අම්මාන් කෝවිල – පත්තිනි දේවාලය (කොළඹ නුවර බස් නැවතුම්පොළ අසල)
කෑගල්ල – පිටිහුම දේවාලය
තංගල්ල – තංගල්ල තිස්ස පාරේ හේනකඩුව පන්සලේ දේවාලය
හලාවත – හලාවත මුන්නේෂ්වරම් කෝවිල

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435